තම දියණියව ගැබිණියක් කල පියාට ලැබුණු දඬුවම

තම දියණියව ගැබිණියක් කල පියාට ලැබුණු දඬුවම

තම දියණියව ලිංගික අපයෝජනය ට ලක්කළ පුද්ගලයෙක්ට බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවමක් නියම කිරීමට වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

එමෙන්ම අපයෝජනයට ලක්වූ දියණියට රුපියල් ලක්ෂ 06ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමටද නියම කර තිබේ.

2013 වසරේ දී බාලවයස්කාර දැරියක්ව සිටි සිය දියණියව එලෙස ඔහු විසින් ලිංගික අපයෝජනයට ලක්කර තිබුණි.

අදාළ දියණියගේ මව විදෙස්ගතව සිට ඇති අතර, 2015 වසරේ දී එම දැරිය දරුවෙකු ප්‍රසූත කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී පියා අතින් ඇය ගැබ් ගෙන ඇති බව තහවුරු වී තිබේ.

මෙලෙස සිර දඬුවමකට ලක්වූ පියා දැරියගේ මව විදේශ ගතව සිටියදී දැරියට වයස අවුරුදු 14 ක් වූ කාලයේදී අඹුව ලෙස තබා ගෙන සිට තිබෙනවා.

ඇයට ලැබුණු දරුවා සම්බන්ධයෙන් සිදු කළ ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයකින් සහ දැරියගේ සාක්කි වලින් විත්තිකරු විසින් සිදුකරන ලද අපරාධය සැක හැර ඔප්පු වීම නිසා විත්තිකරුට මෙම දඩුවම නියම කර තිබෙනවා.

Share This