බෙහෙත් ගන්න ගිය කතක් අපයෝජනය කළ වෛද්‍යවරයෙක් සොයා පරීක්ෂණ

බෙහෙත් ගන්න ගිය කතක් අපයෝජනය කළ වෛද්‍යවරයෙක් සොයා පරීක්ෂණ

සියඹලාපේ ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි හතළිස් දෙහැවිරිදි කාන්තාවක් දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම කාන්තාව කළ පැමිණිල්ලක් අනුව ඇය දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

දූෂණයකට ලක් වූයේ යැයි කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවද පොලිසිය කියයි.