නිදි පෙති පොවා නිදි ගන්වා අවුරුදු 14ක දැරියක් දූෂණය කළ මාමා අත්අඩංගුවට

නිදි පෙති පොවා නිදි ගන්වා අවුරුදු 14ක දැරියක් දූෂණය කළ මාමා අත්අඩංගුවට

යාපනය, චුන්නාගම් මයිලන්ගාඩු ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි දැරියක විටින් විට දූෂණය කළ දැරියගේ මාමා වන අයෙක් අත්අඩංගුවට ගැනීමට චුන්නාකම් පොලිසිය ඊයේ (15) සමත් වී තිබේ.

නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී නිවසට පැමිණ ඇති සැකකරු දැරියට නිදිපෙති මුසු කළ පැණිබීම පානය කිරීමට දී මෙම අපරාධය සිදුකර ඇති බවයි, චුන්නාකම් පොලිසිය සඳහන් කළේ.

නිදිපෙති පෙවූ දැරිය නින්දට ගිය පසු ඔහු මෙම අපරාධය සිදුකර ඇති අතර හදිසියේම නිවසට පැමිණි නිවැසියෙක් මෙම අපරාධය දැකීමත් සමග සිද්ධිය හෙළි වී තිබේ.

ඒ අනුව, දෙමව්පියන් චුන්නාකම් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව මෙම අපරාධකරු අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත් අඩංගුවට ගත් පසුව මානසික රෝගියෙකු ලෙස හැසිරීමට පටන් ගැනීම නිසා අධිකරණ නියෝගයක් මත ඔහුව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සදහා යාපනය ශීක්ෂණ රෝහලේ මානසික රෝග වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Share This