පාසල් යන බව කියා පැමිණ ගෙදරට හොරෙන් මිහින්තලේ ගිය සිසුවියන් දෙදෙනා අපයෝජනයට ලක්වෙයි

පාසල් යන බව කියා පැමිණ ගෙදරට හොරෙන් මිහින්තලේ ගිය සිසුවියන් දෙදෙනා අපයෝජනයට ලක්වෙයි

මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදාගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් දැරියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්, එක් සිසුවියක⁣ට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක් කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සීප්පුකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ සිවලාකුලම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

පාසල් යන බව නිවැසියන්ට පවසා එම සිසුවියන් දෙදෙනා කහටගස්දිගිලිය පොදු වැසිකිලියට පැමිණ, පොත් බෑගයේ සඟවා ගෙන ආ පාට ඇදුම් ඇඳ මිහින්තලය වැඳ පුදා ගෙන කටු සෑයට ගොස් බාරයක් වී නිවසට යෑමට මිහින්තලේ බස් නැවතුම්පලට පැමිණි අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පෑ බව එම දැරියන් ප්‍රකාශ කර තිබේ.

බස් නැවතුම්පලේ රැඳී සිටියදී වෑන් රථයකින් එම ස්ථානයට පැමිණි එක් පාසල් සිසුවියකගේ පෙම්වතා බව කියන පුද්ගලයා දැරියන් දෙදෙනා වෑන් රථයේ දමා ගෙන නිවසකට රැගෙන ගිය අවස්ථාවේදී එම නිවැසියන් දැරියන්ගේ වයස අසා, එම නිවසේ නවතා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය කියයි.