අභියෝග මැද ජනපති කැළණි සරසවියට

අභියෝග මැද ජනපති කැළණි සරසවියට

“රනිල් පුල්වන්නම් කැලණියට වරෙන් “ ලෙස ජනාධිපතිවරයාට ශිෂ්‍ය සංගම් කළ අභියෝගය පිළිගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (31) කැලණිය සරසවියට පැමිණ තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කිරී අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් සිදුවිය.

ජනාධිපතිවරයාගේ පැමිණීමට එරෙහිව කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සභාව දැඩි විරෝධයක් දියත් කරනු ලැබුවේය.

සරසවි පරිපාලන අංශය වටකොට ශිෂ්‍යයින් තුන්සිය පනහක් පමණ ඊයේ විරෝධතාවයක නිරත වූයේය. 29 දා රාත්‍රියේ නුවර පාර හරස් කරමින් සිදුකළ විරෝධතාවයට පොලිස් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පලවා හැරිනි.

ජනාධිපතිවරයා දැනුම්වත් කරමින් සියලුම ආරක්ෂක අංශ සහ බුද්ධි වාර්තා මේ ගමනට සහභාගී නොවන ලෙස දැනුම් දී තිබිය දී ජනාධිපතිවරයා මේ තත්ත්වය නිසාම කැලණිය සරසවියට යා යුතු බවට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Share This