අමාත්‍යංශ 10ක් ගැන ජනපති ගත් තීරණය

අමාත්‍යංශ 10ක් ගැන ජනපති ගත් තීරණය

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ එම විශ්ලේෂණ වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුයට ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බවයි.

අරලියගහ මන්දිරයේ අද (08) පැවති “ජාතික ඇගයීම් ප්‍රතිපත්ති රාමුව” එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ජාතික ප්‍රතිපත්ති යාන්ත්‍රණය මත පදනම්ව බලය බෙදාහැරීමට ඉඩ දිය හැකි බවයි.