රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ

රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ.

එය “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විතය වෙයි.

ආර්ථික අර්බුදයට මුහුණ දුන් රට යළි යථා තත්ත්වයට ගැනීමෙන් පසු රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබදව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවධානය යොමු කර තිබෙනවා.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය https://www.ranil2024.lk යන වෙබ් අඩවිය හරහා ජනාධිපතිවරයා එළිදක්වනු ලැබුවා.

”අද මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ අපේ රට ගොඩනැගීම සඳහායි. මම පොරොන්දු වන්නේ මට ලබා දිය හැකි දේ පමණයි.

එනිසා ඉදිරි වසර පහ තුළ මම අපේ රට වෙනුවෙන් මගේ උපරිමයෙන් කැපවෙනවා. මම මේ රට ගොඩගන්නවා. මගේ නායකත්වය තුළ ඉදිරි වසර පහ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කාලයක් උදාකරන බවට මම සහතික වෙනවා.”

Web RW MF 2024 S Final Aug 28 by poornima