“රනිල් ගාවට ගිය ඇතැම් මන්ත්‍රීවරු ඊයේ රෑම මාව හමුවුණා” – නාමල්

“රනිල් ගාවට ගිය ඇතැම් මන්ත්‍රීවරු ඊයේ රෑම මාව හමුවුණා” – නාමල්

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතමුන් සහයෝගය දැක්වීමට යෑමට පෙර, පසු සහ අද පෙරවරුවේත් සිය නිවසට පැමිණි බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු එවැනි සහයෝගය පළකිරීම් සහ සාකච්ඡා අපේක්‍ෂා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාය නාමල් රාජපක්‍ෂ මහතා අද (30) පැවසීය.

කොළඹදී අද පෙරවරුවේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

තරුණ අයට එවැනි දේවල් විශේෂයන් වුවද මගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැනි වැඩිහිටියන්ට මෙවැනි දේවල් සාමාන්‍ය තත්වයන් බව කී නාමල් රාජපක්‍ෂ මහතා තමන් නියෝජනය කරන දේශපාලන කඳවුරු ආරක්‍ෂා කිීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම යූඑන්පී විරෝධී කඳවුරේ සිටීම නිසා එම ඵෙතිහාසික යූඑන්පී විරෝධය නියෝජනය කිරීමට ඉදිරියටත් කටයුතු කරන බවත් ජනාධිපතිවරණයේ යූඑන්පී විරෝධී සහ යූඑන්පී යන පාර්ශව දෙකක් කටයුතු කරනු ඇති බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරණයේදී මහනාප දේශපාලනයක් නොමැති නිසා මහජනතාව සමඟ ගණුදෙනුවක් ඇති බවත් ඇතමුන් මනාප එකතු කරගැනීමේ අවස්ථාවක් බවට මේ අවස්ථාව පාවිච්චි කිරීමට සූදානම් වන්නේ යැයි පෙණෙන බවත් නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය.