රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරඟ කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

පිළියන්දල පදිංචි නීතිඥ ශාන් රණසූරිය මහතා විසින් ගොනුකොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිතීපති වරයා නම් කරනු ලැබ සිටිති.

නීතිඥවරයා ගොනුකොට ඇති පෙත්සමේ මෙසේ සඳහන් වේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගය ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් වල තීන්දුව අනුව ඒ මහතාට සියධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කර තිබිණ

ඊට අමතරව වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබිණ.

තත්ත්වය මෙසේ තිබියදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට තමන්ට කිසිදු බලයක් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ

තවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිව වී තිබෙන විනිසුරු පුරප්පාඩු පිරවීමට බලයක් ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකළහොත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනතාවගේ පැත්තෙන් ඉමහත් අසාධාරණයක් හා අයුතු සහගත කටයුතු සිදුවීමට ඉඩ ඇති බව පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටී.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට නියෝග කරන ලෙසද ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා තරඟ කිරීම වළකාලන අතුරනියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.