ජනපතිගේ සහායට තවත් 116ක්

ජනපතිගේ සහායට තවත් 116ක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට ප්‍රතිඥා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) පැවති හමුවකදී මහජන නියෝජිතයෝ මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ, ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූදෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සහාය ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ වාර්තා කළේය.