පළාත් කිහිපයකට අදත් තද වැසි

පළාත් කිහිපයකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර හා සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු පළාතෙත් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Share This