web hit counter
තද වැසි සහ සුළං තත්වය අද සිට තරමක් පහළට

තද වැසි සහ සුළං තත්වය අද සිට තරමක් පහළට

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි සහ සුළං තත්වය අද සිට තරමක අඩුවීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්තෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

වයඹ පළාතෙත් මාතනල් සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්න්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් තද සුළං ඇති විය හැකියි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )