ඥාති දියණියක දූෂණය කළ බාප්පාට ලැබුණු දඬුවම

ඥාති දියණියක දූෂණය කළ බාප්පාට ලැබුණු දඬුවම

ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එම චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය.

ඒ අනුව, පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන චෝනාවටද වසර විස්සක්ද සහ තුන් වන චෝදනාවට වසර දහයක්ද බැගින් මෙම වසර පනහක බරපතල වැඩ සහිත සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරිය දර්ශිකා විමලසිරි මෙනවිය පනස් වසරක සිර දඬුවම වසර විස්සකදී එකවර ගෙවී යා යුතු බව ද තවදුටරත් නියෝග කරනු ලැබුවාය.

ඊට අමතරව පැමිණිලිකාර වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිර දඬුවමක්ද නියම කරනු ලැබුවාය.

ඊට අමතරව චෝදුනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් පහලොස් දහස බැගින් දඩ මුදල් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක සිර දඬුවමකටද යටත් කෙරිණි.

මෙම විත්තිකරු අවස්ථා දෙකක් සිය සහෝදරයාගේම දස හැවිරිදි දියණිය බරපතල ලෙස දූෂණය කර ඇති බවත් තුන් වන අවස්ථාවේදී එම දියණියට බරපතල අස්වාභාවික ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවත් නීතිපතිවරයා විත්තිකරුට බාර දී ඇති අධි චෝදනා පත‍්‍රයේ සඳහන්ය

Share This