කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව

කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව

කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව එම සමාගම ශ්‍රී ලංකාවටත් ලබා දී තිබේ.

එළඹෙන ජූලි 26 වැනිදා තෙක් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කළ හැක.

කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීම සඳහා අවම වයස අවුරුදු 21 ක් වේ. ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට සහ ලිවීමට හැකියාව තිබිය යුතුය.

උසස් පාසල් අධ්‍යාපනය හදාරා තිබිය යුතු අතර නිරෝගී සෞඛ්‍යයක් තිබිය යුතුය. හොඳ අන්තර් පුද්ගල කුසලතා සහ බහුජාතික කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව සමඟ මනා පෞරුෂයකින් හෙබි විය යුතුය.

වැඩි විස්තර සහ අයැදුම් කිරීම පහත සබැඳියෙන් සිදු කළ හැක.

https://careers.qatarairways.com/global/en/job/230000A5/Cabin-Crew-Recruitment-Colombo-Sri-Lanka-2023

Share This