නව විදුහල්පති පත්වීම් 4718ක් නොවැම්බර් මුල

නව විදුහල්පති පත්වීම් 4718ක් නොවැම්බර් මුල

නව විදුහල්පති පත්වීම් 4718ක් නොවැම්බර් මස මුලදී ලබා දෙන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ඉවත් කර එම සේවාවට අදාළ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මුලතිව් මල්ලාවි මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක් වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

සමස්ත අධ්‍යාපන පද්ධතියේම මානව සම්පත් ඌනතා ලබන ජනවාරි වන විට අදියරෙන් අදියර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන පරිවර්තනීය වෙනස තුළ සිදු කරන ව්‍යූහාත්මක වෙනස්කම්වලදී සියලු දෙනාටම ඊට අනුගත වීමට සිදු වන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

පාසල් ගෙවතු වගාව මඟින් ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් පවත්වනු ලබන මෙම කෘෂිකාර්මික ප්‍රදර්ශනයට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්. චාර්ල්ස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.