රනිල් ලඟට ගිය චොකා මල්ලි යළිත් නාමල් ලඟට?

රනිල් ලඟට ගිය චොකා මල්ලි යළිත් නාමල් ලඟට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නැවත නාමල් රාජපක්ෂ දිනවීමට පැමිණෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන් විශාල සංඛාවක්ද ප්‍රේමලාල් ජයසේකර සමග නාමල් දිනවීමට එකතුවීමට නියමිතය.

ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී හෙට (13) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වී නැවත එම පක්‍ෂයට එකතු වන බවයි වාර්තා වන්නේ.