අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් නොමිලේ යවන්න අවස්ථාව

අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් නොමිලේ යවන්න අවස්ථාව

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසුවේ, නොමිලයේ එම පහසුකම සලසා ඇති බවයි.

අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව ඇතැයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.