මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම අද

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම අද

බණ්ඩාරවෙල, කහත්තේවෙල ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද දින විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායත්ව වැඩ සටහන (SAPP) හා කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ ඉදි කරන ලද මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතය.

මෙම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 ඉක්මවයි.

අර්තාපල් තීරු හෙවත් French Fries මෙරට ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500ක පමණ මුදලක් විදේශ රටවලට ඇදී යයි.

දැනට මෙරට සකසන ලද අර්තාපල් තීරු සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෙරට වගා කරන අර්තාපල් යොදා ගනිමින් අර්තාපල් තීරු සකස් කෙරේ.

ඒ සඳහා ගොවීන් 250කගේ අර්තාපල් මෙම කර්මාන්ත ශාලාව විසින් මිල දී ගන්නා අතර දෛනික අර්තාපල් තීරු නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 1000කි.

Share This