ඡන්ද පෝස්ටර් ගලවන්න කම්කරුවන් 1500ක අවශ්‍යතාවක්

ඡන්ද පෝස්ටර් ගලවන්න කම්කරුවන් 1500ක අවශ්‍යතාවක්

මැතිවරණය ඉලක්ක කර ගනිමින් නීති විරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් බඳවා ගැනීමට සිදුව ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර සඳහන් කරයි.

එම කටයුතු සඳහා කම්කරුවන් 1,500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.