තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

අද (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව, එය මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බවත් එම කොමිෂන් සභාව පවසයි.