තැපැල් ඡන්ද හිමියන්ට විශේෂ දැනුම්දීමක්

තැපැල් ඡන්ද හිමියන්ට විශේෂ දැනුම්දීමක්

2024 ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනය බැවින් තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය 2024 ජූලි මස 26 වන දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ පහත සඳහන් ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන බවයි, මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.

* සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල)
* සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල
* සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල

ඒ අනුව, තැපැල් ඡන්ද පහසුකම ලබා ගැනීම සඳහා සම්පුර්ණ කලයුතු අයදුම්පත් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථාන වලින් ලබාගත හැකි බැවින් එම අයදුම්පත් අගෝස්තු 05 හෝ එදිනට පෙර, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලබාදිය යුතු බවයි, මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.