මධ්‍යම තැපැල් හුවමාරු සේවකයින් වැඩවර්ජනයක

මධ්‍යම තැපැල් හුවමාරු සේවකයින් වැඩවර්ජනයක

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

මහල් 8 කින් සමන්විත ගොඩනැගිල්ලේ අක්‍රිය වී ඇති විදුලි සෝපාන දෙක අලුත් වැඩියා නොකිරීමට එරෙහිව වැඩවර්ජනය ආරම්භ කළ බවයි, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.

එම ගොඩනැගිල්ල දෛනිකව 3000කට අධික පිරිසක් භාවිත කරන බවද ඔහු පැවසුවේ ය.

භාණඩ සඳහා වූ සෝපානයද ක්‍රියාත්මක වන්නේ 5 වන මහල් දක්වා පමණක් බවත් එතැන් සිට තැපැල් භාණ්ඩ තැපැල් සේවකයින් රැගෙන යා යුතු බවත් ඔහු පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් තැපැල්පති පී. සත්කුමාර මහතා සඳහන් කළේ, වසර 25 ක් පමණ පැරණි අදාළ විදුලි සෝපානය නවීකරණයට මීට සතියකට පමණ ඉහතදී පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති බවයි.

නිසි ප්‍රසම්පාදන කටයුතු වලින් අනතුරුව අදාළ සමාගමට විදුලි සෝපානය නවීකරණය ලබා දී ඇතැයි තැපැල්පතිවරයා කියා සිටියේ ය.

Share This