තවත් ඝාතනයක්

තවත් ඝාතනයක්

ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව සිය ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (10) උදෑසන අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම අපරධය සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 40 හැවිරිදි කාන්තාවක් වන අතර පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා බිරිඳ වෙන්ව නිවෙස් දෙකක ජීවත්ව තිබේ.

මියගිය කාන්තාව විසින් දරුවන්ගේ පොත්පත් රැගෙන ඒමට ඊයේ ස්වාමිපුරුෂයාගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

පොලීසිය පැවසුවේ, මෙම සිදුවීම පිළිබඳ ලද පණිවුඩයක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එහිදී ස්වාමියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති බවට අනාවරණය වී ඇති බවයි.

අවුරුදු 43ක් වූ සැකකරු මේ වනවිට පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

Share This