තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ තුන්වන දිනය අද

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ තුන්වන දිනය අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (06) තුන්වැනි දිනටත් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව උදෑසන 8.30 සිට 4.30 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු පෙරේදා ආරම්භ කෙරුණා.

අද දිනය තුළ පොලිසිය , ත්‍රිවිධ හමුදාව සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මධ්‍යස්ථාන 1500ක දී තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙනවා.

මෙවර තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හත්ලක්ෂ දොලොස්දහස් තුන්සිය දහනවයක්.