කාන්තාවකට ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්ට අධිකරණයෙන් ලැබුණු දඬුවම

කාන්තාවකට ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්ට අධිකරණයෙන් ලැබුණු දඬුවම

අවිවාහක අවු 35 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ වින්දිතයාට රු ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත් , මහධිකරණයට රු විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසත් නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා (13) දින නියෝග කලේය.

මෙසේ බරපතල වැඩ සහිතව සිරදඩුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ නුවරඑලිය පොලිස් කොට්ඨාශයට අයත් හයිපොරස්ට් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස කටයුතු කල ලක්ෂ්මන් සාලිය බණ්ඩාර විරසිංහ නැමති අයටයි.

එම සිර දඩුවමට අමතරව දඩ මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිර දඩුවම තවත් වසර තුනකින් දිර්ඝ කර ඇත.

2019 වසරේ එම කොස්තාපල්වරයා හයිපොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කරන අතරතුර එම කාන්තාවට ලිංගික අතවර කල බවට චෝදනා කරමින් 2019 වසරේ කොස්තාපල්වරයාට එරෙහිව නුවරඑලිය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ..

එම චෝදනාව යටතේ පොලිස් දෙපාර්තුමේන්තුව විසින්ද පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මුලික විමර්ෂණයක් සිදු කර පසුව එම පොලිස් කොස්තාපල්වරයා ඉදිරිපත් කල අභියාචණාවක් මත යලිත් එම පොලිස් කොස්තාපල්වරයා එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවා ඇත.

Share This