සැකකරුවෙක් මෙල්ල කරන්න පොලිසියෙන් වෙඩි

සැකකරුවෙක් මෙල්ල කරන්න පොලිසියෙන් වෙඩි

මීතොටමුල්ල වඩුගොඩවත්ත ප්‍රදේශයේ නිවසක නීති විරෝධීමත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සුනඛයන් ලිහා දමා සපා කෑමට සලස්වා පහරදී තුවාල සිදුකළ සැකකරුවෙකුට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා මෙල්ල කර තිබේ.

වැල්ලම්පිටිය පොලිසිය පැවසුවේ, එම සිද්ධියෙන් තුවාල ලද පොලිස් සැරයන්වරයකු හා සැකකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

පොලිසියට ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

එම නිවස පරික්ෂා කිරීමට යාමේදී එහි පදිංචි සැකකරු පොලිස් නිලධාරීන්ට නිවස තුළට ඇතුල්වීමට ඉඩ නොදී බල්ලා ලිහා දමා සපා කෑමට සලස්වා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කර රාජකාරියට බාධා වන අයුරින් හැසිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇත.

එහිදී සැකකරුගේ දකුණු පාදයේ යටිපතුලට වෙඩි වැදී තුවාල සිදුවී ඇත.