ජාත්‍යන්තර පොලිස් සමුලුවකට එක්සත් රාජධානියට ගිය ලංකාවේ පොලීසියේ 4 ක් පැනලා!

ජාත්‍යන්තර පොලිස් සමුලුවකට එක්සත් රාජධානියට ගිය ලංකාවේ පොලීසියේ 4 ක් පැනලා!

ජාත්‍යන්තර පොලිසිය විසින් එක්සත් රාජධානියේ සංවිධාන කළ සැසියක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ පොලිස් නිලධාරීන් 06 දෙනාගෙන් 04 දෙනෙක් එක්සත් රාජධානියේදී අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

මෙම සංවිධානය මගින් එක් එක් රටවල සමුළු පවත්වන බවත්, එම සමුළුවලට සිය පුද්ගලික වියදමින් ටිකට් පත් රැගෙන ලැබෙන ආරාධනා අනුව සහභාගි විය හැකි බවත් පැවසේ.

සමුළුව පවත්වන කාලසීමාව තුළ අදාළ බරපැන සමුළුව මගින් දරනු ලබයි.

එක්සත් රාජධානියේ පැවැති මෙම විශේෂ සැසිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය කණ්ඩායම පසුගිය 04 වැනිදා යළි ලංකාවට එන්නට නියමිතව තිබුණත් පැමිණ ඇත්තේ නිලධාරීන් දෙදෙනෙක් පමණි.

අතුරුදන් වී ඇත්තේ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකි. මේ වන විට ඔවුන්ගේ වැඩ තහනම් කර විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

Share This