දින හතරක් කොළඹ-ගාල්ල මාර්ගයේ වාහන ගමනය සීමාකෙරේ

දින හතරක් කොළඹ-ගාල්ල මාර්ගයේ වාහන ගමනය සීමාකෙරේ

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර අද ( 31 ) සිට සැප්තැම්බර්  03 වන දින දක්වා එම දේවාලය ආසන්නව ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ සංචාරය කරන බැවින් පෙරහැර පැවැත්වෙන කාලය තුළ මාර්ගය ආශ්‍රිතව වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

අද දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වාද 01 දා දහවල් 01.00 සිට රාත්‍රී 08.00 ට දක්වාද ,02 දා  සවස 06.00 සිට 03 දා  අළුයම 04.00 දක්වාද, 03 දා  සවස 06.00 සිට පසුදා  අළුයම 04.00 දක්වාද පෙරහැර ගමන් ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.

එම කාල සීමා තුළ  ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය කරන වාහන එක් මං තීරුවක ගමන් කරවීමටත්  කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන  (බර වාහන හැර)  විකල්ප මාර්ගයක් ලෙස  මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මීටියාගොඩ, කිරලගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනාපීනුවල හතර මං හන්දිය හරහා කුමාර කන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට ගමන් කර ගාල්ල දෙසට ගමන් කරවීමටත්  කටයුතු යොදා ඇතැයි පොලීසිය දැනුම් දෙයි.