වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නිෂ්ප්‍රභා කර තිබේ.

එමෙන්ම අදාළ විත්තිකරුට නඩු ගාස්තුව ලෙස රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇත.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

 

COMMENTS