ආදුරුප්පුවීදිය පොලිස් සිරමැදිරියේ සිටි දෙදෙනෙකුට වස දුන් සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ආදුරුප්පුවීදිය පොලිස් සිරමැදිරියේ සිටි දෙදෙනෙකුට වස දුන් සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ජනවාරි 24 දින ආදුරුප්පුවීදිය පොලිස් වසමේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුට පසුගිය 07වනදා ඔවුන් බැලීමට පිටතින් පැමිණි පුද්ගලයෙකු විසින් ලබා දුන් වස මිශ්‍ර කිරි පානය කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ රෝහල් ගත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ආරම්භ කර තිබූ විමර්ශනයකට අනුවයි.

ඊයේ (15) දහවල් කාලයේදී වත්තල සහ කොටහේන ප්‍රදේශ වලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අවුරුදු 25 සහ 32 වයස් වල පසුවන වත්තල හා කොළඹ 13 ප්‍රදේශවල පදිංචිකරුවන්‍ ය.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share This