පොහොට්ටුවේ නව දිස්ත්‍රික් නායකයින් පත්කෙරේ

පොහොට්ටුවේ නව දිස්ත්‍රික් නායකයින් පත්කෙරේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.

ඒ, අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නායකත්වය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට ලබා දී තිබේ.

ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නයකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා පත්කර ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නයකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් නයකයා ලෙස පත්කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතායි.