විශ්‍රාමික PHI ගේ මෝටර් රථයට ගිනි තියලා

විශ්‍රාමික PHI ගේ මෝටර් රථයට ගිනි තියලා

බෙලිඅත්ත කුඩාහීල්ල ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද අළුයම් කාලයේදී ගිනිගෙන විනාශව තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

නිවසේ ගරාජය තුළ නවතා තිබූ මෝටර් රථය අද අලුයම දෙකට පමණ ගිනි ගෙන ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබී තිබෙන්නේ.

ගින්නෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

බොහෝ විට මෝටර් රථයට කිසියම් අයකු ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.