පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ 15 ක් ජාතික රෝහලට

පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ 15 ක් ජාතික රෝහලට

පිටකොටුව දෙවන හරස් වීදියේ, රතු පල්ලිය අසල රෙදිපිලි අලෙවිසැලක් තුළ අද (27) උදෑසන හටගත් ගින්නෙන් තුවාල ලැබූ 15 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන් අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු සිටින බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉන් පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

අද පෙරවරු 09.30ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර ගින්නෙන් එම රෙදිපිළි අලෙවි සැල මුළුමනින් ම විනාශ වී ඇති බව වාර්තා වේ.

කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Share This