
ජනපතිට අමතක වූ පොරොන්දු මතක් කරන්න උතුරෙන් අත්සන් ලක්ෂයක පෙත්සමක්!
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දෙමළ ජනතාවට පොරොන්දු වූ පරිදි ඔවුන්ගේ ඉල්ලීම් කීපයක් මේ දක්වා ඉටු නොකිරීම නිසා ඒ පිළිබදව යළි රජයට කරුණු මතක් කිරීම පිණිස ගොණු කළ පෙත්සමකට අත්සන් ලක්ෂයක් ලබා ගනීම ඊයේ (11) යාපනයෙන් ආරම්භ කර තිබේ.
යාපනය බස් නැවතුම්පල අසලින් අත්සන් ලබා ගැනීම ආරම්භ වූ අතර ඊට පලමු දිනයේදීම අත්සන් දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇත.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග, පාසල් උපකරණ ආදියෙහි බදු ඉවත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ඉඩම් අයිතිය තහවුරු කිරීම ඇතුලු ඉල්ලීම් කීපයක් ලබා ගැනීම පිණිස මෙම පෙත්සම ජනාධිපතිවරයා අතුලු රජයට ඉදිරිපත් කිරීමට නියමිතය.
