කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ

කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද (06) රාත්‍රී වීථි සංචාරය කෙරේ.

අදින් ආරම්භ වන පෙරහැර මංගල්‍යයේ මහ පෙරහැර ලබන 21 වැනිදා රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිතයි.

22 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු පෙරහැර මංගල්‍ය නිමාවනු ඇති.

ඇලි ඇතුන් , උඩරට පහතරට සහ සබරගමුව සම්ප්‍රදායන්ට අදාළ නර්ථනාංග වලින් මෙවර පෙරහැර මංගල්‍ය වර්ණවත් කිරිමට කටයුතු සූදානම් කර තිබේ.