උපයන විට ගෙවන බදු අඩුකිරීමේ තීරණයක්

උපයන විට ගෙවන බදු අඩුකිරීමේ තීරණයක්

උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව එළඹෙන අයවැයට ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙය IMF අරමුදලට ඉදිරිපත් කර එකඟතාව ලබාගෙන ඇති බවයි ඒ් මහතා ප්‍රකාශ කළේ.

එක් එක් වැටුප් තල වලින් දැනට අය කෙරෙන උපයන විට බදු අය කරන ආකාරය පහත පරිදි වේ.

එම යෝජනාව අනුව එක් එක් වැටුප් තල වලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩු කර ඇත්තේ පහත අයුරින්.

රුපියල් 150,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 3,000ක බද්ද රුපියල් 500කින් රු. 2,500 දක්වා අඩු කරනු ලබනවා.

රුපියල් 300,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 7,000ක බද්ද රුපියල් 3,500කින් රු. 3,500 දක්වා අඩු කරනු ලබනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා

“අද කැබිනට් මණ්ඩලය අයවැය සකසන භාණ්ඩාගාරයට දන්වලා යවන්න තීරණය කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳ ජනතාවට සහනයක් දෙන්න.”