පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මස 22 වැනි දින ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ බව  දැනුම් දෙමින් එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු මහා නා හිමියන්ට පිළිගැන්වීමද ඒ මහතා අතින් සිදු කෙරුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක්  අද පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණ   තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඒ බව දැනුම් දුන්නේය.

එහිදී මහා නායක හිමියන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට කළකිරීමක් ඇතිව බවය .

එම සාම්ප්‍රදායික දේශපාලනය ගැන කලකිරී ඇති මේ රටේ උගතුන් වියතුන් රට හැර යන තත්වයට පත්ව තිබෙන බවද පැවසීය.

බංකොලොත් භාවයට පත් වූ ඇතැම් රටවල් වසර දෙකක් තුනක් වැනි කාලයකදී නැවත යථා තත්වයට පත්වූ අවස්ථා තිබුණත් ඇතැම් රටවල් නැවත යථා තත්වයට පත්වීමට දශක ගණනාවක් ගත වූ බවත් එසේ කෙටි කාලයක් තුළදී රට නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීමට රටේ එකමුතු භාවයත් වැඩ කළ හැකි පළපුරුද්ද ඇති සබුද්ධික වෘත්තීයවේදීන් අතට මේ රට පත් විය යුතු බවද පැවසීය.

මෙරට රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු ඔවුන්ගේ තැන්පත් මුදල් වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවත් එම මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්වයක් ඉදිරියේ දී රජයට ඇති විය හැකි බව ද පැවසීය .

එසේම මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් ද රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවද පැවසීය.

Share This