කෑම විස වී සිසුන් 9ක් රෝහලේ

කෑම විස වී සිසුන් 9ක් රෝහලේ

පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආහාර ආසාද්මිකතාවකින් අද (14) පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බව නමුණුකුල පොලිසිය පවසයි.

පාසලෙන් ලබා දුන් බත්, කංකුන් මැල්ලුමක්, පරිප්පු, කරවල මිශ්‍ර අලබැදුමක් මෙම සිසුන් ආහාරය ට ගෙන ඇති බවත්, පසුව ක්ලාන්ත වී මෙම සිසුන් පිරිස පස්සර රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කීය.

මෙම සිසුන් අතර සිසුන් හයදෙනෙකු සහ සිසුවියන් තිදෙනකු සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහලේ ප්‍රකාශයකු සදහන් කළේය.