ජනපති අපේක්ෂකගේ සාදයට වැඩ වරදී

ජනපති අපේක්ෂකගේ සාදයට වැඩ වරදී

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවකට සහභාගී වූ ආරාධිතයන් සදහා අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක සුදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගෙන තිබේ.

ඊයේ (25) රාත්‍රියේදී අනුරාධපුර හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරින් පිරිසක්, පොලිස් නිලධාරින් සමග පැමිණ ආරාධිතයන් වෙනුවෙන් ලබාදීමට එහි තිබූ පිසු ආහාර සඳහා මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආහාර පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකයන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද, එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

එහිදී ආරාධිතයන් සදහා ලබාදීමට තිබූ මත්පැන් බෝතල්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

අදාළ විද්වත් හමුවට ආරාධිතයින් 150 දෙනෙකු පමණ පැමිණ සිට ඇති බව සඳහන්.