වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා මන්ත්‍රීවරුන්ට සිහිකැඳවීමේ ලිපි 05ක්

වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා මන්ත්‍රීවරුන්ට සිහිකැඳවීමේ ලිපි 05ක්

මන්ත්‍රීවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ වහාම භාරදෙන ලෙස දන්වමින් මන්ත්‍රීවරුන්ට එක දිගට සිහිකැඳවීමේ ලිපි පහක් යවා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.

එම සිහිකැඳවීමේ ලිපි වලින් අනතුරුව මන්ත්‍රීවරුන් 169 දෙනකු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා තවමත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නැතැයි වාර්තාවේ.

පොන්නම්බලම් මහතා අසනීපව සිටින හෙයින් වත්කම් බැරකම් ප්‍රකාශය පසුව ඉදිරිපත් කරන බව ඔහුගේ ලේකම්වරයකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මන්ත්‍රීවරුන් භාරදුන් වත්කම් බැරකම් ප්‍රකාශ සියල්ල දැනටමත් අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදී තිබේ.

වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද වී භාරදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී තීරණය කෙරෙනු ඇත.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාර දිය යුතුවේ.