තරුණ ඔබ ගැන පාර්ලිමේන්තුවේ අවධානය කොහොම ද?

තරුණ ඔබ ගැන පාර්ලිමේන්තුවේ අවධානය කොහොම ද?

📌 ජාත්‍යන්තර තරුණ දිනය ඊයේ (13) යෙදී තිබුණා. “තිරසාර සංවර්ධනයකට ඇති ඩිජිටල් ප්‍රවේශයන්” යන්නයි මෙවර ජාත්‍යන්තර තරුණ දිනයේ තේමාව වී තිබුණේ.

📌 තරුණයින්ට රටේ ඉන්න හෝ ඉන්න එපා කරවන කටයුතු සිදුවෙණ ප්‍රධාන තැන හින්දම අපි බැලුවා පහුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තරුණ කටයුතු විෂයට කොච්චර නම් දායකත්වයක් ලබා දී, තිබෙනවා ද, වග.

📌 පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වෙන අනු මාතෘකා 65ක් අතරින් තරුණ කටයුතු මාතෘකාවට හිමිවෙලා තිබුණේ අන්තිමට ඉස්සෙල්ලා, ඒ කියන්නේ 64 වෙනි තැන.

📌 මුළු මන්ත්‍රීන් 225 දෙනාගෙන්ම තරුණ කටයුතු මාතෘකාව ගැන සාකච්ඡා කරන්න දායකත්වය ලබාදීලා තිබුණේ මන්ත්‍රීවරු 11යි.

📌 ඒ 11 දෙනාගෙන් පළවෙනි ස්ථාන 5 👇

ප්‍රේම්නාත් සී දොලවත්ත
ශානකියන් රාජපුතීරන් රසමානික්කම්
දිනේෂ් ගුණවර්ධන
නාමල් රාජපක්ෂ
කින්ස් නෙල්සන්

🔴 කල් ඇතුවම දැනුවත් වෙන්න කැමති ද?
🌎 එකතු වෙන්න අපේ WhatsApp Official channel එකට: https://bit.ly/VeriteOfficial
🇱🇰 සිංහල WhatsApp group එක: https://bit.ly/VeriteSinhala