නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (21) පස්වරුවේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී පිරිනැමීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර, මෙරට 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය.