පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ අද (01) පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

ඒ, නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් විශ්‍රාම යෑම හේතුවෙන්.

සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබු නමුත්, එම සේවා කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනාවක් ගෙන ආ නමුත් අවස්ථා දෙකකදීම එම යෝජනාව ප්‍රතික්ෂේප කෙරුණි.

ඒ අනුව, නීතිපති සංජෙයි රාජරත්නම් පසුගිය විසි හයවැනිදා සිට එම ධූරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගත්තේය.

ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වේ.

Share This

COMMENTS