ගත වූ කාලය තුළ පාරිභෝගික වැටලීම්වලින් රුපියල් කෝටි 22ක අදායමක්

ගත වූ කාලය තුළ පාරිභෝගික වැටලීම්වලින් රුපියල් කෝටි 22ක අදායමක්

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර ඇත.

පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කර තිබේ.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 19,000කට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

ඊයේ (15) දිනයේ පමණක් පොළොන්නරුව සහ නුවරඑළිය ප්‍රදේශවල සිදු කළ වැටලීම් කිහිපයකින් රුපියල් ලක්ෂ 04ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇත.

ඉදිරියේදීත් දිවයින පුරා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.