10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වැනිදා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා පෙරවරු 10ට රැස්වනවා.
එම දිනයේ දී පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් දරණු ලබන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින්.
පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත්කර ගැනීම, මන්ත්‍රීවරුන් දිවුරුම්දීම , නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනීම ප්‍රධාන වශයෙන් සිදුවනවා.
නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනෙන්නේ, පාර්ලිමේන්තු ඡන්දයෙන් ය.
පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සදහා අසුන් පැනවීමේ පිළිවෙළක් නොමැති අතර ඔවුන්ට රිසි අසුනක අසුන්ගැනීමට අවස්ථාව උදාවනවා.
සෙංකෝලය සභාගර්භයේ තැන්පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්ය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබනවා.