නගර සභා ගබඩාවකින් ලක්ෂ තුනක පැරණි පත්තර උස්සලා

නගර සභා ගබඩාවකින් ලක්ෂ තුනක පැරණි පත්තර උස්සලා

කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳ සැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

සොරාගත් පැරැණි පුවත්පත් වල වටිනාකම රුපියල් ලක්ෂ 3 ට අධික බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.

වැල්ලවත්ත මැනිං පොදු වෙළෙඳ පොළේ හතර වෙන මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර, ඉකුත් සැප්තැම්බර් මස 9දින හා පෙරේදා (23) අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට ඊයේ (24) ඒ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.