මහ ලේකම්කමින් අයින් කළා කියූ පුවත් වලට රංගේගෙන් උත්තර

මහ ලේකම්කමින් අයින් කළා කියූ පුවත් වලට රංගේගෙන් උත්තර

තමන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී නොමැති බවත්, තමා ඉවත් කළ බවට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බවත්, තමන් මන්ත්‍රී ධුරයකට හෝ මුදලකට විකිණී නොමැති බවත් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පුවත්පත්, සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

කුමන හෝ අවස්ථාවක තමා තනතුරින් ඉවත් කළ ද තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයකු බව ඔහු සඳහන් කර සිටී.

මෙම සියලු චෝදනා වලට තමන් නුදුරේදීම පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.