ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 05 වන සහ අවසන් දිනය අදයි.

ඊයේ (19) දිනය නිමාවන විට පාකිස්ථානය දෙවන ඉනිම වෙනුවෙන් කඩුළු 03 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 461ක් ලබාගත්තේය.

පාකිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 149ක් පිටු පසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 279ක් පමණයි.

ඒ අනුව, ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන පාකිස්ථාන කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 83ක් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 7ක් ඉතිරිව පවතී.