ලෝක චෙස් කුසලානයේ තෙවැනි ස්ථානය ලාංකික දැරියකට

ලෝක චෙස් කුසලානයේ තෙවැනි ස්ථානය ලාංකික දැරියකට

ජාත්‍යන්තර චෙස් සම්මේලනය (FIDE – U12) මගින් පවත්වන ලද වයස අවුරුදු 8-12ත් තරගාවලියේ සිය මංගල තරගයට එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන 12න් පහළ බාලිකා අංශයේ 03 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

සිය දෙවැනි වටයේ දී ක්‍රිස්ටිනා සවීවා ව දෙවරක් පරදවමින් ඔෂිනි මෙම ජයග්‍රහණය වාර්තා කළේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරදෙමින්.

ජෝර්ජියාවේ බටුමි නගරයේ දී වයස අවුරුදු 12න් පහළ තරගාවලිය මෙවර පැවැත්වුණේ වයස් කාණ්ඩ 03ක් යටතේ රටවල් 38ක් නියෝජනය කරමිනි.

ඊට චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 286ක් එක් ව සිටියා.

අවසාන ශ්‍රේණිගත කිරීම් තීරණය කිරීම සඳහා එක් එක් කාණ්ඩයේ ක්‍රීඩකයින් එකිනෙකා සමග තරග කරමින් එකම ස්ථානයේ සිටින ක්‍රීඩකයින් සමඟ සෑම කාණ්ඩයක් ම කණ්ඩායම් 2කට බෙදුණු අතර වයස අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩයේ B කාණ්ඩයට තේරී පත් වූ ඔෂිනි ඇයගේ පළමු තරග 5 ම ජයගත් එම කාණ්ඩයේ මුල් ම ඉදිරිපෙළ ක්‍රීඩිකාව ද බවට පත් වුණා.

ඔෂිනි මීට පෙර ඊජිප්තුවේ පැවති FIDE ලෝක ශිෂ්‍යභට ශූරතාවලියේ (U-12 බාලිකා) ප්‍රථම ස්ථානයට පත්වීම මෙන් ම, වයස 12 න් පහළ බාලිකා අංශයේ බටහිර ආසියානු 12 න් පහළ චෙස් වේගවත් ශූරතාව දිනා ගනිමින් ලෝක වේදිකාවට පිවිසි ක්‍රීඩිකාව ද වනවා.

මේ වසර අග දී පැවැත්වෙන ලොව විශාලතම කණ්ඩායම් චෙස් ශූරතාවලිය වන චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට ද ඔෂිනි ගුණවර්ධන තේරී පත් ව සිටිනවා