කැනඩාවේ දී වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

කැනඩාවේ දී වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර ඊයේ (14) ඇති වූ ගැටුමක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, යාපනය සිට කැනඩාවට ගොස් එරට ව්‍යාපාරික කටයුතු සිදුකරමින් සිටි යාපනය, මීසාලේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සෙල්වසිංහම් සුලක්ෂන් නැමති තරුණයෙකි.

ඔහුගේ පියා මීට වසර කිහිපයකට පෙර කැනඩාවට ගොස් ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇති අතර පසුව පුතා අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරවාරයේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී තිබේ.

එහිදී ඔවුන්ට අයත් ව්‍යාපාරික ස්ථානයේදී එරට ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති අතර එහිදී එක් පාර්ශ්වයක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් එම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි තැබීමෙන් තවත් කැනඩා ජාතිකයෙකු මියගොස් ඇති බවත් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා විය.

කැනඩාවේ ටොරෙන්ටෝ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.